Sports

මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.ඉන්දියාවේ දැන් පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටින මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ ලිපිය අද (17) පස්වරුව වන විට කොළඹ සකස් කර තිබූ බවත් එය හෙට (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කිරීමට නියමිතව තිබූ බවත් වාර්තා වේ.ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කිරීම මෙම සමුගැනීමට ආසන්නතම හේතුව බව වාර්තා වේ.අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඊයේ මාලිංගට නායකත්වයෙන් ඉවත්කිරීමට හේතු දුරකථනය ඔස්සේ පැහැදිළි කළ බව ද වැඩි දුරටත් දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *