තමා ජාත්‍යන්තර පිටියෙන් සමු ගත් බවට පල වන වාර්තවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ශ‍්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.තමා ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා බවට මේ වන විට සමාජජාලා මාධ්‍යවල පල වන වාර්තා අසත්‍යය බවයි ඔහු සදහන් කරන්නේ.තමාට ලෝක කුසලාන තරගාවලියේ නායකත්වය හිමි නොවුනහොත් මාලිංග ජගත් ක‍්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට ප‍්‍රකාශයක් සිදු කර තිබූ බවයි මීට පෙර වාර්තා වී තිබුණේ.ඊයේ දිනයේ දී දිමුත් කරුණාරත්න ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරුණා.ඒ අනුව මීට පැය කිහිපයකට පෙර ලසිත් මාලිංගගේ නමින් යුත් ෆේස්බුක් ගිණුමක තැබූ සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.එහි සදහන්ව තිබුණේ මෙවැන්නක් –

කෙසේ වෙතත් ලසිත් මාලිංග ලෝක කුසලානයට පෙර ජගත් ක‍්‍රිකට් පිටියෙන් සමු ගැනීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සදහන්.