වර්තමානයේ ශ්‍රී ලංකාව සතුවන වැඩිම අත්දැකීම් සහිත විශිෂ්ඨතම තරග දිනවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.

මේ වනවිට දැඩි අර්බුධ ඔස්සේ ගමන් කරන ශ්‍රී ලංකා කණ්ඩායම සතු ජාත්‍යන්තර මට්ටමේ තරග දිනවන්නන් අතිශය සුලුතරය අතර ඉදිරියෙන්ම සිටින්නේ ලසිත් මාලිංගය. ලොව තරගකාරීම ක්‍රිකට් තරගාවලිය වන ඉන්දීය ප්‍රීමියර් ලීගය පවා තවමත් ක්‍රීඩා කරනා ලසිත් මාලිංග එහිදි විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටියි. ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට තෝරා ගන්නේ ලොව සුපිරිම දක්ෂයන් පමණක් වන අතර එම ලීගයට තෝරා ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා මාලිංග ය.

පසුගිය දිනවල පැවැති පළාත් තරගාවලියද ක්‍රීඩා කළ මාලිංග එහිදී ඉහළ දස්කම් දැක්වූයේ තමන් නායකත්වය දැරූ ගාල්ල කණ්ඩායම විශිෂ්ඨතම කණ්ඩායම කරවමින් ය. ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනූ 2014 ලෝක කුසලානයේද අවසන් තරග සදහා නායකත්වය ලබා දුන්නේ මාලිංග විසිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සතුවූ ඉහළම දක්ෂයාද, අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වූවද ක්‍රිකට් බලධාරීන් ලෝක කුසලාන සංචිතය තේරීමේදි ලසිත් මාලිංගට සිදු කළ කෙනෙහෙලිකම් වලින් ඔහු දැඩි කලකිරීමට පත්ව තිබෙනා බව වාර්තා වේ.

නිමාවූ පළාත් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධාන දුර්වලතාද මාලිංග විවේචනය කළ අතර එම නිසාද ක්‍රිකට් බලධාරීන් මාලිංග සමග අමනාපයෙන් සිටි බවද වාර්තා විය.

එහිදි මාලිංග ක්‍රිකට් පාලකයන්ගෙන් ඉල්ලා ඇත්තේ වටිනාම ක්‍රිකට් තරගාවලිය වන ලෝක කුසලානය සදහා එක්දින තරග රිද්මය නොදන්නා ක්‍රීඩකයෙකු නායකත්වයට පත් නොකර ඒ සදහා එක්දින තරග ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකු පත් කරන ලෙසටය.
ටෙස්ට් රිද්මය වත්මන් එක්දින ක්‍රීඩාවට නුසුදුසු බවත්, පවර් ප්ලේ වැනි නීති හරහා වර්තමාන එක්දින ක්‍රීඩාව අතිශය වෙනස් වී තිබෙනා බවත්, එක්දින තරග ක්‍රීඩා කරනා සුදු පන්දුව හා ටෙස්ට් තරග ක්‍රීඩා කරනා රතු පන්දුව පවා වෙනස් නිසා, එක්දින රිද්මය නොදන්නා නායකයෙකු යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීම අවාසි සහගත බවත් මාලිංග පෙන්වා දී තිබේ.

කණ්ඩායමේ නායකත්වය හා ක්‍රීඩකයන් තෝරා ගැනීම ආගම් පදනමෙන් හෝ පාසල් ආදි ශිෂ්‍ය පදනමෙන් සිදු කළහොත් තමන් එයට විරුද්ධ බවත් මාලිංග මින් පෙර ප්‍රකාශ කර තිබුනා.
උපුටාගැනීම – Neth
අරඹේපොල හාමුදුරුවෝ.