පාස්කු ඉරිදා දිනයේ මෙරට කතෝලික දේවස්ථාන සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක සිදුවූ පිපිරීම් පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පිළේ නායක විරාට් කෝලි ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ඔහු කියා සිටියේ එම සිද්ධීන්වලින් තමා කම්පනයට පත්වූ අතර, විපතට පත්වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය සංවේගය පළ කරන බවයි.

ඉන්දීය ක්‍රිකට් පිළේ උප නායක රෝහිත් ශර්මා ද ශ්‍රී ලංකාව අද මුහුණ දුන් සිදුවීම් පෙළ පිළිබදව සිය කණස්සල්ල පළ කර තිබෙනවා.

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂොයිබ් මලික් සමඟ විවාහ වී සිටින ඉන්දියාවෙන් බිහි වූ ජාත්‍යන්තර ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා ද ශ්‍රී ලංකාවේ සිදුවීම්වලින් තමා කම්පනයට පත්වූ බව සඳහන් කළා.