කොදෙව්වන් ලකුනු 71 ට සීමාකර එංගලන්තය 3 ට 0 ක් ලෙස තරගාවලිය ජයගනී..

0
384
Loading...

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 කි‍්‍රකට් තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, දෙරට අතර පැවති තෙවන හා අවසන් තරගයෙන් එංගලන්තය කඩුළු 8ක පහසු ජයක් වාර්තා කිරිමත් සමගයි. වෝනර් පාක් සෙන්ට්. කයිට්ස් හී ආරම්භ වු එම තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට කොදෙව් නායක ජේසන් හෝල්ඩර් තීරණය කර අතර එය අභියෝගයකට ලක් කරමින් විශිෂ්ට පන්දුයැවීමක නිරත වු එංගලන්ත පන්දුයවන්නෝ කොදෙව් ඉනිම ලකුනු 71 ක් වැනි ඉතාමත් අඩු ලකුනු සංක්‍යාවකට සීමා කිරීමට සමත් වුනා. එකදු පිතිකරුවෙකු හටවත් ලකුනු 11 හේ සීමාව පසු කර යාමට අවස්ථාවක් ලැබුනේ නෑ.. සුපිරි පන්දුයැවීමක නිරත වූ ඩේවිඩ් විලේ පන්දුවාර 3 ක් තුල ලකුනු 7 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වුනා.. මාක් වූඩ් කඩුලු 3 ක් බිඳ හෙලද්දි අඩීල් රශීඩ් කඩුලු දෙකක් දවාගනු ලැබුවා. ලකුනු 72 ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිළ පන්දු වාර 10 ක් තුල කඩුලු 2 බිඳ වැටී ජයග්‍රහණය වාර්තා කලා..

Comments

comments

Loading...