ක්‍රිකට් අභ්‍යන්තර ගැටුම් උග්‍ර අතට – මාලිංග එක්ක ගහන්න තිසර කැමති නෑ

    0
    1047
    Loading...

    දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු උදාන කතා කී කිසිවකු එක්දින තරගාවලියේද කළ දෙයක් නැත. එක්දින තරගාවලියේ සිටියේ වෙනත් පුහුණුකරුවකුද නැතහොත් ක්‍රිකට් නොදන්නා අයද යන්න සිතාගත නොහැකිව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීහු ලතවෙති.

    තුන්වැනි එක්දින තරගයත් ලකුණු 71 කින් පරාජය වීමෙන් පසු නායක ලසිත් මාලිංගට තිබුණේ පහසු උත්තරයකි.

    Loading...

    “තරගාවලිය (පරාජයවෙලා) ඉවරයි. අපට මෙතැනින් එහාට ඒගැන යමක් කරන්න බැරි බව අපි හොඳින්ම දන්නවා. ඒත් අපි අදත් අපට පුළුවන් උපරිම වශයෙන් උත්සාහ කළා” යයි කී මාලිංග සම්පූර්ණ කතාවම වාක්‍ය දෙකකට සම්පිණ්ඩනය කළේය. එහෙත් සියල්ල එතැනින් අහවර වේද ?

    ලෝකයේ අංක 2 හිමි ටෙස්ට් කණ්ඩායමේ ගෙමිදුලටම ගොස් 2-0 ක තරාගාවලි ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කුමක් සිදුවීද ? එක්දින තරගාවලිය පරාජය වීමෙන් පසුව ලසිත් මාලිංග මෙසේ කීවේය.

    “පන්දු රැකීමේ දුර්වලතා කිහිපයක් නිසා අපි ඒ ගොල්ලන්ට ලකුණු 20 ත් 50 ත් අතර වගේ ප්‍රමාණයක් වැඩිපුර දුන්නා. ඒත් අපි කතා වුණේ අපට හොඳ සම්බන්ධතාවක් දෙකක් ලැබුණොත් තරගයක් දෙන්න පුළුවන් කියලයි”

    “වැස්සට තරගය නවත්වන විට අපි කඩුලු 2 කට 75 ක් ලබා සිටියා. ඒත් වැස්ස ආවාට පස්සේ, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව (ඉලක්කය සංශෝධනය කිරීමෙන් පසු) ඒක ලබාගන්න ඉතාමත් අසීරු ඉලක්කයක්….(වර්ෂාව නිසා තරගය නතර කරන විට) තීරණයක් ලබාගන්න ඕනෑ වුණේ තවත් ඕවර 4 ක් විතරයි.

    ඒ නිසා අපි දැනගෙන හිටියා වැස්ස නතර වෙච්ච ගමන්ම අපට නැවතත් පන්දුවට පහර දෙන්න වෙනවා කියලා. අපි ඒකට සූදානම් වෙලයි හිටියේ” යයි මාලිංග කීවේය. සූදානමේ ප්‍රතිඵල ඕවර කිහිපයකදී දැකගත හැකිවිය

    Comments

    comments

    Loading...