ලෝක කුසලානයට නම් කල යුතු සමබරම ශ්‍රි ලංකා කන්ඩායම මෙන්න

    0
    5668
    Loading...

    එක්දින ලෝක කුසලානය ආරම්භ වීමට මාස තුනකට ආසන්න කාලයක්වත් නොමැති අතර තවමත් ස්තීර කණ්ඩායමක් තියා ස්තීර ක්‍රීඩකයන් පස් දෙනෙකු තෝරා ගැනීමට ශ්‍රි ලංකා පිළ අපොහොසත් වී ඇත. එමෙන්ම නිමාවට පත්වූ දකුනු අප්‍රිකා එක්දින තරගාවලිය පුරාවට යලි සිතා බැලිය යුතු තැන් රාශියක් තිබු අතර එයින් ප්‍රධානම ප්‍රශ්නාර්ථය ආරම්භ පිතිකර්ණ යුගලය බවට පත්වී ඇත. විවිධ පිතිකරුවන් ආදේශක උවත් එයට විසදුමක් නොවීය. දේශීය බිමේ වැඩ පෙන්වූ අවිශ්ක ප්‍රනාන්දු ජාත්‍යන්තර පිටියෙ අසරණ වුයේ දේශීය ක්‍රිකට් පිටියේ ජාත්‍යන්තර මට්ටම ප්‍රශ්නයක් බවට හරවමිනි. එමෙන්ම අත්දැකීම් සහිත උපුල් තරංග තවමත් සුපුරුදු වැරැද්ද නිවැරැදි කරගෙන නැත. නිරෝශන් දික්වැල්ලගෙ හද්දිස්සි ක්‍රීඩා විලාශය හා පිතිකරණයට තෝරාගනු ලබන පහරවල් සියල්ලන්ටම පාහේ පෙහෙලිකාවක් වි ඇත. වෙනත් විකල්පයන් කෙරෙහි අවධානය යොමු කරද්දී අබාධයෙන් පසු ධනුෂ්ක ගුණතිලක පෙර පරිදි සාර්ථකව දේශීය බිමට පැමිණ ඇත. එක් අන්තයක දනුෂ්කගෙන් වේගවත් ඉනිමක් අපේක්ෂා කල හැකි අතර අනෙක් අන්තය සුරක්ෂිත කිරීමට සාර්ථක සංයමයෙන් පිත්ත හසුරන පිතිකරුවෙකු අවශ්‍ය කර ඇත. එයට හොඳම විසඳුම දිමුත් කරුණාරත්න වනු ඇත. තුන්වන පිතිකරුවා ධනංජය ඩි සිල්වා විය යුතු අතර මුල් පෙල සාර්ථක ඔහුගෙන් සුබවාදී දිගු ඉනිමක් අපේක්ෂා කල හැක. මැද පෙල ගොඩගැනීමට ඔශද ප්‍රනාන්දු හා කුසල් මෙන්ඩිස් සුසංයෝගයට හැකියාව ඇති අතර කඩුල්ල අතර දිවීමෙදී සිදුවන අඩුපාඩු නිවැරදි කරගත යුතුය. ඇන්ජලෝ මැතිව්ස් හා තිසර පෙරේරා පිතිකරණය ශක්තිමත් කරද්දී ඉසුරු උදානගෙන්ද සාර්ථක පිතිකරණයක් අපේක්ෂා කල හැක. මනාව පන්දුව හසුරවන පා දඟ පන්දුයවන්නෙකු කණ්ඩායමට අවශ්‍යව ඇති අතර එයට සාර්ථක විසදුම වර්තමානයෙ දක්ෂතා අතර සිටින ජීවන් මෙන්ඩිස්ය. එමෙන්ම ආබාධ සුව කරමින් ධම්මික ප්‍රසාද් යලි ක්‍රිකට් පිටියට සාර්ථකව පැමිණ සිටින අතර ඉහල දක්ෂතා දක්වමින් සිටී. ඔහු ලෝක කුසලානයේ මාලීංගගෙ සගයා උවහොත් කණ්ඩායම වඩාත් සමබරය. නායකත්වය දිය හැකි කිහිප දෙනෙකුම කණ්ඩායම තුල සිටින අතර මේ මෝහොතේ නායකත්වයට වඩා සමබර කණ්ඩායමක් අවශ්‍යව ඇත. ඒ අනුව අප නම් කරන කණ්ඩායම මෙයයි.

    Sri Lanka – 1.Danushka Gunathilaka 2.Dimuth Karunaratne 3.Dhananjaya De Silva 4.Oshada Fernando 5.Kusal Mendis(wk) 6.Angelo Mathews 7.Thisara Perera 8.Isuru udana 9.Jeewan Mendis 10.Dhammika Prasad 11.Lasith Malinga

    Comments

    Loading...

    comments

    Loading...